පාඩමක තිබිය යුතු අවම ප්‍රශ්න සංඛ්‍යාව

පාඩමක එකකට වඩා වැඩි බෙදුණ වගු ඇත්නම්, ගුරුවරයා මෙම පාරාමිතිය තෝරා ගනී. ලකුණු ගණනයේ දී සලකණු ලබන අවම ප්‍රශ්න සංඛ්‍යාව, මෙම අගයෙන් තීරණය කරයි. එමඟින් සිසුන්ට බොහෝ ප්‍රශ්න ගණනකට පිළිතුරු සැපයීමට බල නොකරයි.

උදාහරණයක් ගනිමු. මේ අගය 20 යැයි සලකමු. එහිදී සිසුන් අවම වශයෙන් ප්‍රශ්න 20කට පිළිතුරු සපයූ විට පමණක් ලකුණු ගණනය වන බව, තහවුරු කර ඇත. මෙවැනි තවත් අවස්ථාවක් සලකා බලමු. මෙහි දී ශිෂ්‍යයා පාඩමේ තනි ශාඛාවක (Branch) වූ ප්‍රශ්න 5 ක් (පිටු 5ක්) නිවැරදිව පිළිතුර සපයා පාඩම කරයි. මෙහිදී අගය සක්‍රීය කර නොමැති විට, ප්‍රශ්න 5 සඳහා ම නිවැරදි පිළිතුරු ලැබුනේ නම්, සිසුන්ගේ ශ්‍රේණිය 100%කි. නමුත් ඉහත ලෙස මෙම විචල්‍යයේ අගය 20 ලෙස සකසා ඇති විටෙක, ඔහුගේ ශ්‍රේණිය 25% වේ. (ප්‍රශ්න 20 පිළිතුරු සැපයිය යුතු වුවත්, සපයා ඇත්තේ, 5 කට පමණයි.) ශිෂ්‍යයෙක් ප්‍රශ්න 25 කට පිළිතුරු සපයා ඇත. නමුත් නිවැරදි පිළිතුරු සපයා ඇත්තේ, 23 කට පමණයි. ඔහුගේ ශ්‍රේණිය 92% වේ . එහිදී විකල්පය සකසා ඇත්තේ ඉහත අගය වූ 20 ලෙසම ය )

මෙම අගය සකසා ඇති විටෙක සෑම පාඩමක ම පළමු පිටුවේ පහත දිස්වන පරිදි උපදේශයක් ඇත.

මෙම පාඩමේ දී ඔබ අවම වශයෙන් ප්‍රශ්න 'n' සංඛ්‍යාවට පිළිතුරු ලබා දිය යුතු යි. වැඩි පුර ප්‍රශ්නවලට අද පිළිතුරු ලබා දිය හැකි ය. කෙසේ වෙතත් ඔබ ප්‍රශ්න 'n' සංඛ්‍යාවට අඩුවෙන් පිළිතුරු සපයා ඇති විටෙක මුළු ලකුණු ගණනය වනුයේ, ප්‍රශ්න 'n' සංඛ්‍යාව අදාල කර ගෙන වන්නේ ය.

අගය සපයා ඇති විට ශිෂ්‍යයාට පිළිතුරු දිය යුතු ප්‍රශ්න සංඛ්‍යාව සහ කළ යුතු සංඛ්‍යාව දක්වයි.